ලහිරු තිරිමාන්න නව උප නායක, චන්දිමාල් ඉවතට

Image copyright Reuters

ශ්‍රී ලංකාව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව උපනායක ලෙස ලහිරු තිරිමාන්න පත් කර තිබේ. 2015 මාර්තු මාසය දක්වා මෙම පත්වීම වලංගු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

ලහිරු තිරිමාන්න මෙලෙස පත්කර ඇත්තේ ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ උප නායකයාව සිටි දිනේෂ් චන්දිමල් උප නායකත්වයෙන් ඉවත්කරමින්.

දිනේෂ් චන්දිමාල්ට විස්සය් විස්ස කණ්ඩායමේද නායකත්වය අහිමිවී තිබෙන අතර විස්සය් විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව මෙහෙයවූ ලසිත් මාලිංගට විස්සය් විස්ස නිත්‍ය නායකත්වය පවරා තිබේ.

ටෙස්ට් හා එක්දින කණ්ඩායම නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවී තිබෙනවා

මේ අතර ක්‍රීඩකයන් සිය කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට කැමැත්ත පල කළ බව අද ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේය.

2014 සහ 2015 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කොන්ත‍්‍රාත් ගිවිසුම් මෙතෙක් අත්සන් කර නොතිබුණු අතර, ඔවුන් පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගිවුයේ ගිවිසුමක් නොමතිවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගවල සහභාගිත්වය සදහා ගෙවන මුදලෙන් 20% ක් ක්‍රීඩකයන් ඉල්ලාසිටි අතර අද පැවති සාකච්චා වලදී එම මුදලින් 10% ක් ක්‍රීඩකයන්ට ලබාදීමට දෙපාර්ශවයම එකගතාවය පළකළ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර