ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගලහිටියාවට මාළු වැස්සක්

  • 2014 මැයි 5

සඳුදා පෙරවරුවේ වර්ෂාවත් සමග මාළු වැස්සක් පතිත වීමත් සමඟ කිලෝග්‍රෑම් පණහක පමණ මාළු ගොඩබිමදීම අල්ලා ගත් බව හලාවත මාදම්පේ ගලහිටියාව ප්‍රදේශවාසීහු පවසති.

මෙලෙස වර්ෂාව සමග පතිතව තිබෙන්නේ කාවායියා නමැති මිරිදිය මත්ස්‍යයන් වීම විශේෂත්වයක්.

සිදුවීම ඇසින් දුටු මාදම්පේ පදිංචිකරුවකු වන පීටීඒ චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ අඟල් තුනේ සිට පහක් දක්වා ප්‍රමාණයේ කාවයියන් මෙලෙස වැටී තිබූ බවයි.

තද සුළඟ සමඟ වර්ෂාව පතිත වූ අවස්ථාවේ වැස්සත් සමඟ අද හැලුණු මාළු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් බවද පීටීඒ චන්ද්‍රසිරි පැවසීය.

ප්‍රදේශවාසීන් ගොඩබිමදීම මසුන් අල්ලන ආකාරය වීඩියෝගත කළේ මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න විසින්.