යාපනය සරසවිය තුළ යුද සමරුවක්

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේදී මරණයට පත් ජනතාව වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලය තුළ අද, බදාදා උදෑසන ඉටිපන්දම් හා පහන් දල්වීමේ විශේෂ සමරු උත්සවයක් පැවැත්වුණි.

මෙම උත්සවය මීට පෙර පැවැත්වීමට සංවිධනය කොට තිබුනත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල බාධා කිරීම් හේතුවෙන් එය පැවැත්වීමට නොහැකිවයි තිබුණේ.

පලාලි යුද හමුදා කදවුරේ නිලධාරීන් පිරිසක් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ටී.රාසකුමාරන් ඊයේ අඟහරුවාදා යුද හමුදා කඳවුර වෙත කැඳවමින් යුද්ධයෙන් මියගිය ජනතාව සැමරීමට විශ්ව විද්‍යාලය තුළ උත්සව නොපවත්වන මෙන් වරක ඉල්ලීමක්ද තවත් වරක තර්ජනයක්ද කොට ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ප්‍රකාශ කරති.

හමුදාවෙන් කැඳවීමක්

එම අවස්ථාවේ කරුණු පැහැදිලි කළ ටී.රාසකුමරන්, මෙවැනි පින්කමක් පවත්වන්නේ යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීම සඳහා මිස එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමට නොවන බවත් විසි එක්වෙනි දින සමරු උත්සවයක් යාපනය විශ්ව විද්‍යාලය තුළ පවත්වන බව යුද හමුදා නිලධාරීන්ට දැණුම් දුන් බවත් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී කොළඹ පිහිටි පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය වෙත පැමිණ කට උත්තරයක් දෙන මෙන් ටී.රාසකුමාරන්ට දැනුම් දීමක් සිදු කෙරුණ අතර එම නියෝගය අනුව ඔහු කොළඹ බලා පිටත්ව ගිය බවත් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වැඩිදුරටත් කියා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර