ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේක නාටකයක් නෙමෙයි -විමල් වීරවංශ

ජාතික නිදහස් පෙරමුණ හදිසියේ ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ආවේ ‘වඩා හතුරු බලවේගයකට’ බලය හුවමාරු වීමේ ඉඩකඩ වැලැක්වීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Image copyright NFF
Image caption විමල් වීරවංශ ඇමතිවරයා

ඔහු මේ බව කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ දෙවන ජාතික මහා සමුළුවේ දී සම්මත කර රජයට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ හදිසි ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණ කැඳවු මාධ්‍ය හමුවකදීයි.

තම පක්ෂය කෙටුම්පත් කර ඇති ප්‍රතිසංස්කරණ යෝජනා ජවිපෙ පවසන පරිදි නාටකයක් නොවන බවත් ඒවා ජනාධිපතිවරයාටද ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් වීරවංශ ඇමතිවරයා කියා සිටියේය.

ආණ්ඩුවට අහිමි වූ ඡන්ද යළි ලබා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ‘බොරු රඟපෑමක’ යෙදෙන බවට තමන්ට විපක්‍ෂය නගන චෝදනා විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

විපක්ෂ සන්ධාන ගත වී පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යන බවට පවතින රාවය පිළිබඳව අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමතිවරයා, අදේශපාලනික චරිතයකට දේශපාලන බලය හිමි වූ විට සිදුවන ‘සෙල්ලම්’ පිළිබඳව අප රට තවම අත් විඳ නැති බව පවසමින් අනතුරු ඇඟවීමක් කළේය.