ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට යකඩ ඌනතාව

ශ්‍රී ලංකාවේ සෑම ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ සිරුර යකඩ ඌනතාවයෙන් පෙලෙන බව යුනිසෙෆ් ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Image caption සංවර්ධනය වෙමින් පවතින රටවල අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හතලිහකට යකඩ ඌනතාව

එම වාර්තාවට අනුව සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුද යකඩ ඌනතාවයට ගොදුරු වී ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසයි.

මෙය, රටේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබඳව ශ්‍රී ලංකාව බරපතල අභියෝගයකට මුහුණ දී ඇති බව පෙන්නුම් කෙරෙන වාර්තාවක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

යුනිසෙෆ් ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සමඟ බීබීසීය කළ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.

සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හතලිහක් සහ සෑම ගර්භණී මව් වරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම යකඩ ඌනතාවයෙන් පෙලෙන බව ද යුනිසෙෆ් වාර්තා සඳහන් කරයි.