ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටෙහෙරානය අඳුරේ ගිල්වූ වැලි කුණාටුව

ඉරානයේ ටෙහෙරාන් අගනුවර හරහා හමා ගිය වැලි කුණාටුවකට හසු වීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

කුණාටුව නිසා පැයට කිලෝමීටර් එක සිය තිහක පමණ වේගයෙන් සුළං හමා ගිය බව පැවසේ.

නගරය අවට වූ ගස් විදුලි රැහැන් මතට උදුරා වැටීම නිසා නගරයේ නිවාස දහස් ගණනක් අඳුරේ ගිලී තිබූ බව බීබීසී ටෙහෙරාන් වාර්තාකරු පවසයි.