Aluthgama
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පන්සල, මුස්ලිම් පල්ලිය සහ සාමය

  • 2014 ජුනි 18

වත්මන් ගැටුම් හමුවේ ජාතීන් අතර සමගිය සහ සමාදානය ගොඩනැගීමට මුස්ලිම් ආගමික නායකයන් හා දකුණේ භික්ෂූන් වහන්සේ අත්වැල් බැඳගෙන සිටීම් සුවිශේෂී සංසිද්ධියක්.

බෞද්ධ භික්ෂුන් වහන්සේ කිහිප නමක් මුස්ලිම් දේවස්ථානයකට ගොස් සුහදතාව ප්‍රදර්ශනය කිරීම කාගේත් පැසසුමට ලක්ව තිබේ.

ප්‍රදේශයේ සමගිය සහ සමාදානය ගොඩනැගීමේ ව්‍යාපාරයට එක්වූ දික්වැල්ලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙරේ පූජ්‍ය කරතොට පඤ්ඤාශීල හිමියන් පැවසුවේ ආරාධනා කළේ නම්, පළාතේ භික්ෂූන් වහන්සේ සියලු දෙනාම නිසැක වශයෙන්ම මේ අවස්ථාවට සහභාගිවන බව බවයි.