ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එළවළු මිල ගිනි ගණන්

රට පුරා එළවළු මිල වැඩි වීම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන් ම වෙළෙන්දන් ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

වර්ෂාව සහ පසුගිය කාලය තුළ ගොවීන් වගාවෙන් ඇත්වීම මෙයට බලපෑ හේතු ලෙස දැක්වෙයි.

රට පුරා එළවළු මිල ඉහල ගියත් එළවළු වගා කරන ගොවීන්ට සාධාරණයක් ඉටු නොවන බව ගොවීන්ගේ චෝදනාවයි.

නුවරඑළියේ ගොවීහු පසුගියදා විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් එළවළු වගාවේ ගැට‍ළු පෙන්වා දුන්හ.

නුවරඑළිය ගොවි ශක්ති පදනමේ සභාපති කුමාර දිසානායක කියා සිටියේ, එළවළු සඳහා ස්ථාවර මිලක් පවත්වා ගෙන යාමට රජය මැදිහත් විය යුතු බවයි.

නුවර එළිය ගොවීන් ගොවිතැනින් ඉවත් වීමට පටන් ගෙන ඇති නිසා රටේ අනෙකුත් ප්‍රදේශ වල එළවළු මිල සීග්‍රයෙන් ඉහල යාමේ අවදානමක් පවතින බව ගොවි ශක්ති පදනමේ මාධ්‍ය ප්‍රකාශක මලින්ද දමින්ද පවසයි.