ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

“අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය එපා“

අලුත්ගම සහ බේරුවල ගැටුම්, යුද්ධය අවසන් බවට කරන රජයේ ප්‍රකාශ පුස්සක් බවට පත්කොට ඇති බව 'මිනිස් අවකාශය උදෙසා සාමූහිකය' ප්‍රකාශ කරයි.

මිනිස් අවකාශය උදෙසා සාමූහික සංවිධානය මගින් බ්‍රහස්පතින්දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී විවිධ මතධාරීහු තම අදහස් පළ කළහ.

මෙහි දී අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කියා සිටියේ යුද්ධය අවසන් කල බවට රජය පුන පුනා කරන ප්‍රකාශ අලුත්ගම ගැටුම්වලින් පසුව අසත්‍යයක් වී ඇති බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය වෙනුවෙන් අදහස් දැක්වූ මනෝවිද්‍යා උපදේශක මොහොමඩ් දහලන් කියා සිටියේ මෙය අන්තවාදී ගැටුමක් නොවන බවත් පීඩිත පන්තියේ අරගලය පරාජය කිරීමට පාලක පන්තිය ජාතිවාදය උපයෝගී කර ගැනීමක් වන බවත්ය.

බොදු බල සේනාවට හිමි වී ඇති රාජ්‍ය අනුග්‍රහය ඉවත් කර ගන්නේ නම් වර්තමානයේ මතු වී ඇති නොසන්සුන්කාරී තත්වය පාලනය කළ හැකි බව ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ අදහස් දක්වමින් කියා සිටියේය