සචිත්‍රට ක්‍රීඩා තහංචියක්

Image copyright AFP

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ක්‍රීඩා තහංචියක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කර ඇත.

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සැක පළ කළේ ඔහු පසුගිය මැයි සහ ජුනි මාසවල එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක නිරත වෙමින් සිටියදී.

එංගලන්තය සමඟ පැවැත්වුන එම තරඟාවලියේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති හතර වැනි එක්දින තරඟයේ දීයි එම ප්‍රශ්නය මතු වුණේ.

කාඩිෆ් මෙට්‍රෝපොලිටන් සරසවිය සචිත්‍ර ගේ පන්දු යවන ඉරියව් සම්බන්ධයෙන් සිදු කළ විභාගයකින් අනතුරුවයි ක්‍රීඩා තහංචිය පනවනු ලැබුණේ.

කාඩිෆ් පරීක්ෂණය

මේ අනුව සචිත්‍ර සේනානායකට ඉදිරි ජාත්‍යන්තර තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අහිමි වෙයි.

පන්දු යැවීමේ ඉරියව්වල නීත්‍යානුකූලභාවය තක්සේරු කෙරෙන අදාළ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව ක්‍රිකට් නීතියට අනුකූල නොවන බව තීන්දු කොට ඇති බවත් එම පදනම අනුව ක්‍රීඩකයාට වහාම බල පැවැත්වෙන මට්ටමින් ක්‍රීඩා තහනමක් පනවන බවත් ඉහත කී වාර්තාවේ දැක්වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර