ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද චින්තනය වෙනස් කරලාද? - සෝභිත හිමියෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළිවෙතේ හෝ 'මහින්ද චින්තනයේ' වෙනසක් කරනු ලැබ තිබේදැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කරති.

උන්වහන්සේ එම ප්‍රශ්න කිරීම කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජනාධිපති ආණ්ඩුක්‍රමය හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ රට තුළ සියල්ල දේශපාලනීයකරණය වීම එම ක්‍රමය බල පැවැත්වුන තිස්පස් වසරක අත්දැකීම වන බව උන්වහන්සේ පෙන්වා දෙති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙන්ම 'මහින්ද චින්තනය' මගින් ද කියවෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කිරීම වන බවද සෝභිත හිමියෝ පෙන්වා දෙති.

මෙවැනි හඬක් නැගීම නිසා තමාට නින්දා අපහාස වලට පමණක් නොව තර්ජන ආදිය පවා එල්ල වී ඇති බවයි, මාදුළුවාවේ සෝභිත හිමියන් පවසන්නේ.

මේ අතර අඟහරුවාදා (ජූලි 22) සෝභිත හිමියන් ගමන් ගනිමින් සිටි මෝටර රථය බරපතළ රිය අනතුරකට ලක් වූ බවක් කොළඹින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.