ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඊශ්‍රායලය සමග 'සම්බන්ධතා නවත්වන්න'

ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවත්වන සියලු සම්බන්ධතා නවත්වන මෙන් පුත්තලමේ විරෝධතාවයක යෙදී සිටි මුස්ලිම් ජාතිකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියහ.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හෙළාදකිමින් පුත්තලමේ විරෝධතාවයක යෙදී සිටි ඔවුහු, ප්‍රහාර වලින් විපතට පත් ජනතාව සිහිපත් කළහ.

පුත්තලමේ ජනතාව රාමසාන් උත්සවය සැමරීම සදහා පුත්තලම සහිරා විදුහල් භූමියට පැමිණි අතර එහිදී පැවැත්වුණු විරෝධතාවයෙන් අනතුරුව, ඊශ්‍රායලය සමග ශ්‍රී ලංකා රජය පවත්වන සියලු සම්බන්ධතා වහාම නවත්වන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින පෙත්සමකටද අත්සන් තැබිණ.

පන්දහසකට අධික ජනතාවක් විරෝධතාවයට එක් වී සිටි අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන්ද ඒ අතර සිටි බවයි, ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගිය කුඩා දරුවන්ගේ ජයාරූප හා අනුරූ ගත් පුත්තලමේ ජනතාව ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාවටද විරෝධය පෑහ.

'ගාසා තීරයට නිදහස' මැයෙන් ඇඳුම්ද නිර්මාණය කර තිබිණි.