ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යසෝන් ලංකානාත් ගැන තොරතුරක් නෑ

සිය නිවසේ සිටියදී පැහැර ගැනීමට ලක් වූ යසෝන් ලංකානාත් ඒකනායක දරුවා සෙවීම සදහා පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයන් හතර දෙනකු විසිනුයි, වයස අවුරුදු හතර හමාරක් වන යසෝන් ලංකානාත් ඒකනායක දරුවා පැහැර ගෙන යන ලද්දේ.

යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතර දෙනා මුහුණු ආවරණය කරගෙන සිටි බවයි පැවසෙන්නේ.

දරුවා පැහැරගෙන යන අවස්ථාවේ එම පුද්ගලයන් දරුවාගේ මවට සහ පියාට පහර දී ඇත.

යසෝන් ලංකානාත් පිළිබද කිසිම තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වෙයි.

දරුවාපිළිබඳව තොරතුරක් ලබා ගැනීම සදහා පොලිසිය මහජන සහයෝගය පතයි.

දරුවාගේ ආරක්ෂාව පතා ඥාතීන් හා ගම් වැසියන් ආගමික වතාවත් වල නිරත වෙන බවත් වාර්තා වෙයි.