ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සගයන් දිරි ගන්වන ආබාධිත ක්‍රීඩකයා

‘ග්ලාස්ගෝ’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික කණ්ඩායමට ආබාධිත ක්‍රීඩකයන් කීප දෙනෙක් ද එක් ව සිටිති

එම ක්‍රීඩකයන් අතර සිටින බී.එම්.සඳුන් වාසනා පෙරේරා බර ඉසිලීමේ තරඟ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

සඳුන් සෙනසුරාදා පැවැත්වුන බර ඉසිලීමේ තරඟයෙන් හිමි කර ගත්තේ නව වැනි ස්ථානයයි.

ඔහුත් සමඟ ‘ග්ලාස්ගෝ’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ජයසිංහ රත්නායක එම තරගයෙන් එකොළොස් වැනි තැනයි හිමි කර ගත්තේ.

සඳුන් තම ක්‍රීඩා දිවියේ අතීත ආවර්ජනයක යෙදෙන අතරවාරයේ සෙසු ආබාධිත ක්‍රීඩකයන් දිරි ගැන්වීමක ද නිරත වෙයි.

තමා සහභාගී වූ ක්‍රීඩා තරඟයට පෙර බී.එම්.සඳුන් වාසනා පෙරේරා ,ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නගරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ගම්මානයේ දී ,බීබීසියේ ජයප්‍රකාශ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අතර එම හඬ පටයට ඔබට සවන් දීමට හැකිය.