ආරක්ෂක අමාත්‍යංශ ලිපියට ඉන්දියාවේ විරෝධය

  • 2014 අගෝස්තු 4

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ලිපිය ඉන්දියාව තරයේ හෙලා දකියි.

එම ලිපිය සම්බන්ධයෙන් නිල මට්ටමෙන් විරෝධය පෑම සඳහා ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා කැඳවන බව ඉන්දීය විදේශ ඇමතිනිය සුෂ්මා ස්වරාජ් පවසයි.

අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ආන්දෝලනාත්මක ලිපිය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චෝදනා මැද එරට පාර්ලිමේන්තුව තුල දැඩි කතා බහට ලක් වී තිබේ.

මතභේදයට තුඩු දුන් ලිපියේ සිරස්තලය වී තිබුණේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස දෙන ඉංග්‍රීසි වැකියක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර