භීතිය පතුරවන SMS පණිවුඩ යැවූ සැක කරුවන්ට ඇප

මුස්ලිම් ජනතාව අතර භීතියක් ඇති කළ හැකි කෙටි පණිවුඩ (sms) යැවූ බවට චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් කර තිබු මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කෙරිණ.

අදාළ පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිවේදීන් කියා සිටියේ ගැට‍ළුවට තුඩු දුන් කෙටි පණිවුඩ, සැකකරුවන් සිය හිතවතුන් අතර පමණක් හුවමාරු කර ගෙන ඇති නිසා ඉන් මහජන කැලඹීමක් ඇති නොවන බවයි.

එම තර්කය පිළිගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැරීමට තීන්දු කල බවයි, විත්තියේ නීතිවේදී එම්.එම්.සුහයිර් සංදේශයට කියා සිටියේ.

මෙම ක්‍රියාවලිය තුලින් ජාතීන් අතර සමගියක් නිර්මාණය නොවන බව තමන් අධිකරණයට පෙන්වා දුන් බව පැවසු නීතිවේදියා රහස් පොලිසියෙන් තමන් කළ ඉල්ලීමට විරෝධයක් පළ නොවුණු බවත් පැවසීය.

කෙසේ වෙතත් සැකකරුවන්ට ලබන දහඅට වනදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියම කල අධිකරණය එදින පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියම කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර