ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තායිවාන නැවේ සිටි ලාංකිකයා 'අතුරුදහන්'

තායිවානයට අයත් නෞකාවක සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනකු ජීවිත අවදානමකට මුහුණ දී සිටින බව ඥාතීහු පවසති.

එම නැවේ සේවය කළ මුන්දලම සින්නපාඩුවේ පදිංචිකරුවෙකු වන හරිෂ්ක ශ්‍රීමාල් අතුරුදන් වීමත් සමග ඉතිරි තිදෙනාගේද ජීවිත තර්ජනයට ලක් වී ඇති බවයි, ඥාතීන් පවසන්නේ.

ඉකුත් වසරේ නොවැම්බර් මස 15 වන දින සිංගප්පුරුව වරායෙන් නැව් නැගි නාවලපිටියේ ප්‍රදීප් ඉන්දික, නිට්ටඹුවේ ලක්මාල් මධුසංඛ, ගලේවෙල අසංක ඉඳුනිල් සහ දැනට අතුරුදන්ව සිටින මුන්දලමේ හරිෂ්ක ශ්‍රීමාල් යන සිව් දෙනාම උසස් අධ්‍යාපනය ලැබූ තරුණයන්.

අතුරුදන් වී සිටින හරිෂ්ක ශ්‍රීමාල් තරුණයාගේ මෘත ශරීරය හෝ ගෙන්වා දෙන ලෙස ඥාතීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

තරුණයන් පිරිසට එම නෞකාවේ රැකියාව සොයා දුන් රැකියා ඒජන්සිය අවසාන වරට ලියාපදිංචි වී තිබෙන්නේ 2012 දී.

එබැවින් රැකියා ඒජන්සියේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වගකීමට තමන් නීතියෙන් බැදී නොමැති බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව තායිවානය සමග තානාපති සම්බන්ධතා නොපවත්වන බව පෙන්වා දෙන වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා, විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා ගිවිසුමක් ඇතිව විදේශගතවන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.