ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන රටක් - ජනපති

වසර නවයක සන්ධාන පාලන කාලය තුල ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන රටක් බවට පත් කිරීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටතුන් වන සංවත්සර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජපානය, ඉන්දියාව සහ චීනය පමණක් නොව ලෝකයේ ඇති අනිකුත් රටවල් සමගද රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීමට මෙම කාලපරිච්ඡේදය තුළදී තම රජයට හැකි වූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා යහපත් තත්වයක පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සීයට සියයක් ඉක්මවා තිබූ රාජ්‍ය ණය සීමාව සීයට හැත්තෑපහ දක්වා අඩු කිරීමට තමන්ට හැකි වූ බවයි වැඩි දුරටත් පැවසුවේ.

අඟහරුවාදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ සංවත්සර සමුළුවට විශාල පිරිසක් පැමිණ සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඌව පළාත් සභාවට තරග කරන අපේක්ෂකයෝ පාක්ෂිකයන් සමග පෙළපාලියට එක්ව උත්සව භූමියට පැමිණියහ.