ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බස්නාහිර සහ දකුණට ස්තුතියි -ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණ මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල අද ජන හමු සංවිධානය කොට තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණෙන් මහ ඇමති ධුරය සඳහා තරඟ කරන්නේ සමන්ත විද්‍යාරත්නයි.

බදුල්ලේ පැවති ජන රැළියක් අමතමින් ඔහු පැහැදිලි කරන්නට උත්සාහ කළේ ඌව පළාතේ ජනතාවට දැන් ලැබෙමින් තිබෙන සහන වලට පදනම වැටුණු ආකාරයයි.

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුවට ඡන්ද අඩු වීම නිසා මෙවර ඌවට සහනාධාර දීමට රජය පෙලඹී ඇති බවයි ඔහු පවසන්නේ.

එසේ නොවුනා නම් රජය මෙවර ඡන්දය ඉල්ලා ගෙන ඌවට එන්නේ හිස් අතින් බව සමන්ත විද්‍යාරත්න පවසයි.

මේ නිසා බස්නාහිර සහ දකුණේ ජනතාවට ස්තුති පූර්වක විය යුතු බව ද ඔහු කියා සිටියේ.