සජිත් එජාප නියෝජ්‍ය නායක

Image copyright UNP

හම්බන්තොට දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කොට තිබේ.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු ලෙස සැලකෙන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියට පත්කොට තිබෙන අතර, රවී කරුණානායක මන්ත්‍රීවරයා පක්ෂයේ උප නායක පදවියට පත්කොට තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම් පදවියකට පත්කොට ඇති අතර, මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය මහලේකම් පදවිය තලතා අතුකෝරල මන්ත්රීවරියට හිමි වී තිබේ.

පුරප්පාඩු වී පැවති එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික පදවියට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පත්කොට තිබේ.