ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙපා අහිමි පුද්ගලයෙක් හලාවත නගර සභාවේ උපවාසයක

දෙපා අහිමි පුද්ගලයෙකු අද, බදාදා දහවල් සිට හලාවත නගර සභාවේ ප්‍රධාන දොරටුව අභියස උපවාසයක් ආරම්භ කර ඇත්තේ රැකියාව අහිමි කිරීමට විරෝධය පල කරමින්.

ඔහු සාරවිට වෙළෙන්දෙක්.

බොරු චෝදනා

කප්පම් ඉල්ලා නොදුන් තැන බොරු චෝදනා කරමින් පොලිසියට කියා රැකියාව අහිමි කල බවයි මොහොමඩ් නසීර් මොහොමඩ් රමිස් කියා සිටින්නේ.

දුම්රිය අනතුරකින් කකුල් දෙකම අහිමි වී ඇති රමිස් දරු තිදෙනෙකුගේ පියෙක්.

බිරිඳද රෝගීව සිටින බව පවසන මොහොමඩ් නසීර් මොහොමඩ් රමිස් කකුල් දෙකම අහිමිවීමෙන් පසු තමන්ට වෙනත් රැකියාවක් කර ගෙන යාමට නොහැකි බව කියා සිටී.

කප්පම්

තමන් වෙළෙඳාම් කරන ස්ථානයට පුද්ගලයකු පැමිණ ලියාපදිංචියට බව පවසමින් රුපියල් 20,000 ක මුදලක් රැගෙන ගිය බව පැවසූ ඔහු මාස හයකට පසු යළිත් එම පුද්ගලයා පැමිණ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා සිටි බව පැවසුවේය.

තමන්ට එම මුදල ලබා දීමට හැකියාවක් නැති බව පැවසූ විට එම පුද්ගලයා රැකියාව කිරීමට ඉඩ නොදෙන බව පවසමින් ඉවත් ගිය බව පැවසූ මොහොමඩ් නසීර් මොහොමඩ් රමිස් දැන් තමන්ට රැකියාව කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි කියා සිටියේ.