ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරසවි සිසුන්ට පොලිස් ප්‍රහාරයක්

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි.

අඟහරුවාදා පැවති සරසවි සිසු විරෝධතාවය අරම්භ වූයේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින්.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් පන්දහස දක්වා වැඩි කිරීම, අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ දැමීම, වැඩ කරන ජනතාවට පඩි වැඩි කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නැවත්වීම යන කරුණු මුල් කර ගනිමින් සරසවි ශිෂ්‍යයෝ විරෝධතාවයේ යෙදුනහ.

සිසු උද්ඝෝකයෝ පාර්ලිමේන්තු මාර්ගයට පිවිසීමත් සමගයි පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ.

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් සරසවි ශිෂ්‍යයෝ එම ස්ථානයෙන් විසිර නොගියහ.

ඒ අවස්ථාවේ පොලිසිය හා ශිෂ්‍යයින් අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සරසවි ශිෂ්‍යයෝ පන්දහසක් පමණ උද්ඝෝෂණයට සහභාගී වූහ.