ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යාචක ලොවේ නව උපක්‍රම

පොලීසිය, ළමා ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව, ළමුන් සමඟ සිඟා කෑමේ යෙදෙන යාචකයන් අත් අඩංගුවට ගැනීමේ වැටලීමක් දියත් කොට තිබේ.

පොලීසිය පවසන්නේ ප්‍රසිද්ධ ස්ථානවල සිඟා කෑම නීතියෙන් තහනම් බවයි.

මේ අතර මෝටර් රථ වලට අත පාන යාචකයන් තමන්ට මුදල් නොලැබුනොත් එම වාහනය සූරා දමන බවට තර්ජනය කිරීම යාචකයන්ගේ අලුත්ම උපක්‍රමයක් වී තිබේ.

යාචක ලොවේ මේ තර්ජනකාරී ක්‍රියාකාරිත්වය පිළිබඳව සංදේශය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කරුණාතිස්ස අතුකොරලගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ බොහෝ දුරට මෙවැනි උපක්‍රමයන් අනුගමනය කරන්නේ අසරණභාවයට පත්වූවන්ට වඩා අසරණභාවය පෙන්නුම් කරන පුද්ගලයන් බවයි.

සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා පුද්ගලයන් මෙවැනි ප්‍රචණ්ඩත්වය කරා යොමුවීම රටේ සංස්කෘතික ඉතිහාසයේ ඈත අතීතයේ සිටම දක්නට ලැබෙන බවයි මහාචාර්ය කරුණාතිස්ස අතුකොරල ප්‍රකාශ කළේ.