ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙළ උරුමය සහ ආණ්ඩුව අතර ගැටුම තවත් තියුණු වෙයි

2015 අය-වැය සම්බන්ධයෙන් ඡන්දය විමසීමේ දී ඊට සහභාගී නොවීමට තම පක්ෂය තීන්දු කළ බව ජාතික හෙළ උරුමය පවසයි.

හෙළ උරුමය කියා සිටින්නේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය ද ඇතුළු අවශ්‍ය ආණ්ඩුක්‍රම සංශෝධන තවත් මැතිවරණයකට යාමට පෙර සිදු කරන ලෙසයි.

ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙන් තම යෝජනාවන්ට සාධනීය ප්‍රතිචාරයක් නොලද හෙයින් අයවැය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම් වර්ජනය කිරීමට තීන්දු කළ බවයි.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමය සහ ආණ්ඩුව අතර ගැටුම ඒ සමඟ තියුණු මුහුණුවරක් ගෙන ඇත.

ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් බ්‍රහස්පතින්දා නුගේගොඩ රැළියක් අමතමින් ආණ්ඩුවට තවත් අනතුරු ඇඟවීමක් කර තිබුණි.

උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් බීබීසී සංදේශය ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ සමඟ පැවැත්වූ සාකච්ඡාවට ඔබට මෙහි සවන් දිය හැක.