කොස්ලන්ද: සූරියකන්දේ කම්කරුවෝ දිනක වැටුප පුදති

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සූරියකන්ද, හේයස් සහ පනිල්කන්ද යන වතු දෙකේ කම්කරැවන් 1300 ක් පමණ සිකුරාදා සේවයට වාර්තා නොකොට කොස්ලන්ද, මීරියබැද්දේ නායයාමෙන් මියගිය සහ අතුරුදහන් වූ සහෝදර කම්කරැවන් වෙනුවෙන් ශෝකය පළ කළහ.

ආගම් කිහිපයකට අයත් වතු කම්කරැවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හේයස් වත්තේ පන්සියයක් දෙනා මුලින් අසල වූ කෝවිලට ගොස් මියගිය සහ අතුරැදන් වූ පිරිස වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කළහ.

පනිල්කන්ද වත්තේ අටසියයක් පමණ දෙනාද මුලින් තම ආගමානුකූලව මියගිය සහ අතුරුදහන්වූවන් සිහිපත් කළහ.

පසුව මෙම පිරිස් දෙතැනකට එක්වී අවතැන් වූවන්ට ඉක්මනින් සහන ලැබේවායි ප්‍රාර්ථනා කළහ. අනතුරැව පිරිස තමන්ට හැකි අයුරින් වත්තේ මාර්ග හරහා සුදු සහ කලු කොඩි ඔසවමින් විපතට පත් කම්කරැ සගයන්ට සොව පළ කළහ.

රැපියල් පන්සියය බැගින් වූ තම දිනක වැටුප මීරියබැද්දේ නායයාමෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල ඉතිරිව සිටින සාමාජිකයන්ගේ නිවාස සහ වෙනත් සුබසාධන කටයුතුවලට පරිත්‍යාග කිරීමට එම කම්කරැවෝ ඒකමතිකව තීරණය කළ බව ලංකා කම්කරැ කොන්ග්‍රස් වෘත්තිය සමිතියේ රත්නපුර දිස්ත්‍රික් බළමණ්ඩල සාමාජික පෙරැමාල් රාසලිංගම් පැවසීය.

මේ අතර සිකුරාදා සවස දෙකයි තිහට පමණ බළන්ගොඩ ඕලුගන්තොට රයි අංක දෙක කොටසේ නිවාස සංකීර්ණයක ගෙපලක කානුවක් කපමින් සිටි හතලිස් දෙහැවිරිදි ගුරැවරයකු සහ ඔහුට සහාය වෙමින් සිටි හැට හැවිරිදි පුද්ගලයෙකු පස්කන්දක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර