ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හලාවත ගම්මාන රැසක් ජලයෙන් යට වේ

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන ජලයෙන් යට වීම නිසා පවුල් පනසියයක් පමණ පීඩාවට පත් වී සිටිති.

දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කරවිට වැව, මුන්නේෂ්වරම වැව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් හලාවත මායික්කුලම, අලඹ ඇතුළු ගම්මාන ජලයෙන් යට වී තිබේ.

මේ වන විට එම ගම්මාන වල ජිවත් වන පවුල් රැසක් නිවාස අතහැර ගොස් සිටිති.

ගම්මාන ජලයෙන් යට වීමට බලපා ඇති ප්‍රධාන හේතුව ජලය බැස යෑම සඳහා වූ මාර්ග අවහිර වීම බව හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් ප්‍රේමලාල් කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කළද ඉන් එලක් නොවූ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

තමන්ට අවශ්‍ය තාවකාලික සහනාධාර නොවන බව අවධාරණය කරන ගම්වැසියෝ ජලය බැස යාමේ ස්ථිර වැඩ පිළිවලක අවශ්‍යතාවය පෙන්වා දෙති.