ජනපති ධූරය අහෝසි කරන්නේ නම් අපේ සහාය මහින්දට -රනිල්

Image caption මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ බව මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බවත් මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

හදිසි කැබිනට් රැස්වීමක්

මෙය හදිසි කෙටුම්පතක් ලෙස උසාවියට ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාතික හෙළ උරුමය යෝජනා කර ඇති දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නම් කිසිදු විවාදයකින් තොරව එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර