ආණ්ඩුවට යන්නේ නෑ - තිස්ස

Image caption "ඒක බොරු කථාවක්"

එක්සත් ජාතික පක්ෂය (එජාප) හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ නමුත් ඉතා ඉක්මනින්ම තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවයි, අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරවාරයේ අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකදී කියා සිටියේ.

සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නොපැකිලව පිළිතුරු දෙමින් සුහදව කටයුතු කරන එජාප මහ ලේකම්වරයා මෙසේ ඔවුන්ගේ ප්‍රශ්නවලින් මඟහැර යාම අසාමාන්‍ය තත්වයක් බව මාධ්‍යවේදීහු පවසති.

අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එයට විරුද්ධව ඡන්දය දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අත්තනායක මන්ත්‍රීවරයා සහ තවත් එජාප මන්ත්‍රීවරියක ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට වාර්තා පළවෙමින් තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර