ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රජයේ කම්කරුවෙක් පෝස්ටර් අලවයි

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හලාවත කාර්යාලයේ සේවකයෙකු නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන තිබූ අයුරු බීබීසී කැමරාවට හසු විය.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම කම්කරුවා නොවැම්බර් විසි හත් වැනිදා පෙරවරුවේ වත්මන් ජනාධිපතිවරයාගේ පෝස්ටර් අලවමින් සිටියේ මාදම්පේ පැරණි නගරය ආසන්නයේදීයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාදම්පේ ප්‍රදේශය භාර, වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ ගෙන් සංදේශය කළ විමසීමේදී කියා සිටියේ තමනට පොස්ටර් ඇලවීම සදහා රජයේ සේවකයන් අවශ්‍ය නොවන බවයි.

තමාගේ රැකියාව ආරක්ෂා කර ගැනීම සඳහා අකමැත්තෙන් වුවද මෙම පෝස්ටර් ඇලවීම කිරීමට සිදු වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කම්කරුවා කැමරාව ඉදිරියේ පවසා සිටියත්, වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ කියා සිටියේ සිය කැමැත්තෙන් පෝස්ටර් ඇලවූ බව එම පුද්ගලයා තමාට දැනුම් දුන් බවයි.

මේ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත විධායක ඉංජිනේරු චාල්ස් ඩිවුජින් කියා සිටියේ.