ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්ව විද්‍යාල ප්‍රගති සමාලෝචන රැස්වීමට විරෝධය

විශ්ව විද්‍යාල ප්‍රගති සමාලෝචන රැස්වීමක් සඳහා සරසවි ආචාර්ය මණ්ඩලය අරලිය ගහ මන්දිරයට කැඳවීම කෙරෙහි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධය පල වෙයි.

මෙය ස්වාධීනව විශ්ව විද්‍යාල මගින්ම සිදු කළ හැකි කාර්යයක් බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පෙන්වා දෙන්නේ.

පසුගිය කාලය තුළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විවිධ සටන් සහ අරගල තුළින් මතු කළ කරුණු නොසලකමින්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය විසින් දක්වා ඇති ප්‍රතිචාරය ගැන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කනස්සල්ල පල කරනවා.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින්ම දුන් පොරොන්දු ඉටුවී නැති බවයි ඔහු පවසන්නේ.

විශ්ව විද්‍යාල තුළ ඇති ගැටළු, සිසු ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ කරුණු සලකා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව 2012 දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දියත් කළ වැඩ වර්ජනය නිමා කරන අවස්ථාවේ දී ප්‍රකාශ කලත් එය මේ දක්වා ඉටුවී නැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර තවදුරටත් පැවසුවේය.