ආරක්ෂක උපකරණ සපයන ප්‍රධානතම රට රුසියාව - මෝඩි

Image copyright EPA

නිරවි යුද්ධය අවසන්වීමෙන් අනතුරුව ඉන්දියාව විකල්ප සැපයුම්කරුවන් සමඟ ගනු දෙනු කලත් රුසියාව, තවමත් ඉන්දියාවට ආරක්ෂක උපකරණ සපයන ප්‍රධානතම රට බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි (Narendra Modi) ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් (Vladimir Putin) සමඟ පැවතී සාකච්ජාවකදීයි ඉන්දීය අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ.

ඉදිරි වසර වලදී රුසියාවේ සහයෝගය ඇතිව අඩු වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දහයක් නිපදවන වන බවත් අගමැති නරේන්ද්‍ර මෝඩි පැවසුවේය.

බටහිර සම්බාධක

රුසියානු අගමැතිවරයාගේ සංචාරයේ අරමුණ වී ඇත්තේ බල ශක්තිය සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමයි.

රුසියානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය, බල ශක්ති හිඟයක් පවතින ඉන්දියාවටත්, බටහිර සම්බාධක හේතුවෙන් පීඩා විඳින රුසියාවටත් එකසේ වැදගත් බව වාර්තාකරුවෝ පවසති.

එසේම, රුසියාව සිය තෙල් සහ ගෑස් ආසියානු වෙළඳ පොළ කරා අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර