ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රට තීරණාත්මක සන්ධිස්ථානයක - සරසවි ආචාර්යවරු

මේ මොහොතේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති.

ඔවුන් එම අදහස පළ කරන්නේ දෙදහස් පහළොව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.

එම ප්‍රකාශනයට සිය ගණනක් විශ්වවිද්‍යාල ආචාර්යවරු අත්සන් තබා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන නිදහස පමණක් නොව රටේ සමාජ ආර්ථික සහ සංස්කෘතිමය කරුණු කෙරෙහිත් ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ.

සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රකාශනය මගින් අවධානය යොමු කරනු ලැබ ඇති තවත් අංශයක් වන්නේ අල්ලස, වංචාව සහ දූෂණය ආදියයි.

දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලන ක්‍රමයකට යොමු වීමක් බව සරසවි ආචාර්යවරුන්ගේ මතයයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියනගේ අමර කීර්ති සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රකාශනයට අත්සන් තබා තිබේ.

සංදේශයේ උපාලි ගජනායක සමග සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය ලියනගේ අමර කීර්ති කියා සිටියේ දෙදහස් නවය වසරේ යුද්ධය නිම වීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ සමාජ ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබී නොමැති බවයි.