ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මඩ දේශපාලනයට කැමති නෑ - ජනාධිපති

මඩ දේශපාලනයට තමන් අකමැති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

අද, අඟහරුවාදා, හලාවතදී ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සෙසු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ විදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් නොගසන ලෙසයි.

ජාත්‍යන්තරය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තිබෙන අතර ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ ඒ සියල්ල අස්ථාවරත්වයට පත් කිරීම බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වර්තමානයේ රටේ පවතින්නේ මඩ දේශපාලනයක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

“අද දේශපාලනේ මඩ ගහන දේශපාලනයක්. වෙන මොකුත් නැහැ. හැම සංවර්ධනයක් විවේචනය කරනවා. ඕක අපිට තුනෙන් එකෙන් කරන්න තිබුණ. කරේ නැහැ හැබැයි. එක්කෙනෙක්වත් කළේ නැහැ මෙච්චර කලක්,” මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදේශීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම තත්වයට වගකිවයුත්තේ හිටපු ධීවර ඇමතිවරයා බවයි.