ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දස වසරකට පසු පැරෑලියට

ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 40,000 ක්.

වසර දහයක් ගත වීම නිමිත්තෙන් පැවති අනුස්මරණ උත්සව අතර ප්‍රධානත්වය ගත්තේ 1700 කට වැඩි පිරිසක් මිය ගිය පැරෑලිය, තෙල්වත්ත දුම්රිය අනතුරයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ සුනාමියට හසුව යථා තත්වයට පත් කරන ලද දුම්රියේ පෙට්ටියක කොඩි තබා මේ ඛේදජනක අවස්ථාව සිහි පත් කළහ.

සුනාමි අනුස්මරණය වෙනුවෙන් සූදානම් කොට තිබූ සාගර රැජින දුම්රිය දිවි ගලවා ගත් දුම්රිය මගීන් සහ මිය ගිය අයගේ ඥාතීන් කැටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හික්කඩුව බලා ධාවනය කළේය.