නි ඇමති මුතුහෙට්ටිගමට ඇප

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම දිසා මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමට ද බද්දේගම දිසා මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න නියෝග කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බද්දේගම සිට වාර්තා කරන්නේ.

සැකකරුට ඇප ලබා දී ඇත්තේ බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළු වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ද සහිතව යි.

මෛත්‍රිපාල සිරිසේනගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු පොලිස් භාරයේ සිටියදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බවට නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට චෝදනා එල්ල වූ අතර එම චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් නිකුත් විය.

වරෙන්තුව නිකුත් වී තිබියදී රටින් පිට වීමට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූ නමුත් පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර