ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'උපන් ගමන් කාණුවකට වීසි නොකළේ ඇයි?'

තම සංවිධානයේ කලාකරුවන් කණ්ඩායමකට සඳුදා කුරුණෑගලදී එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ‘අලුත් පරපුර’ සංවිධානය පවසයි.

සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු නව පරපුරේ කලාකරුවෝ රැසක් ප්‍රහාරයට ලක් වූ ‘මුලාවෙන් මිදෙමු’ ප්‍රසංගයට සහභාගී වී සිටියහ.

‘මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ, මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න, මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න’ යනුවෙන් ප්‍රහාරයට ලක් වූ කලාකරුවන් අතර සිටි රංගන ශිල්පී ජගත් මනුවර්ණ මාධ්‍ය හමුවකට එක් වෙමින් හැඟීම්බරව කියා සිටියේය.

ජනාධිපතිවරණයට ඉන්දියානු සිනමා නළුවන් ගෙන්වා ඔවුන් ඉහළින් පිළිගන්නා අතරතුර ශ්‍රී ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙන බව මාධ්‍ය හමුවට එක් වූ ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල පැවසුවේය.

මෙවැනි ප්‍රහාරවලින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව නැවතත් ගෝත්‍රික, ම්ලේච්ඡ යුගය කරා යමින් තිබෙන බව යැයි ප්‍රවීණ කලාශිල්පී ජයලත් මනෝරත්න සඳහන් කළේය.

ප්‍රවීණ කලාකරුවෝ සහ ‘අලුත් පරපුර’ සංවිධානයේ තරුණ කලාකරුවෝ රැසක් එහිදී අදහස් දැක්වුහ.