ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට ප්‍රථම වරට නිරීක්ෂකයන්

බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් දහස් ගණන් මැතිවරණ නිරීක්ෂකයෝ මේ දිනවල පුහුණුවෙමින් සිටිති.

ජනපතිවරණ ඡන්ද විමසීමේදී නිරීක්ෂකයන් 4000 කට වැඩි පිරිසක් යෙදවීමට සූදානම් වන බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට අනුබද්ධ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ.

“ඊට අමතරව ජංගම නිරීක්ෂකයෝ 100 ක පමණ පිරිසක් රට පුරාම යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නිරීක්ෂකයන්ට අවස්ථාව සැලසෙන්නේ ප්‍රථම වතාවට.

කෙසේ නමුත් මෙවර අවසර ලැබී තිබෙන්නේ ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන පහකට එක් නිරීක්ෂකයෙක් පමණක් යෙදවීමට බවද ආචාර්ය සරවනමුත්තු පැවසීය.

“මම ඉතාමත් සන්තෝෂ නෑ ඒ ප්‍රමාණය ගැන නමුත් මේ පලවෙනි සැරේ. ඉතින් අපි ඒක පිළිඅරගෙන ගණන් කරන මධ්‍යස්තානවලට නිරීක්ෂකයෝ 100 ක් වත් දාන්න පුළුවන් වෙනවා,” යනුවෙන්ද ඔහු පැවසීය.