ජනපති, මෛත්‍රී ඡන්දය දෙති

Image copyright AP AFP
Image caption අපේක්ෂකයන් 19 දෙනෙක් මෙම මැතිවරණයට තරඟ වැදී සිටිති

උදෑසන 8:00 - ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැදමුලන ඩීඒ රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කළහ.

කථානායක චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සිය ඡන්දය භාවිත කළහ.

උදෑසන 7:20 -පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව නව නගරයේ විද්‍යාලෝක විහාරස්‌ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන හතට ආරම්භ විය.

සිය ඡන්දය භාවිත කිරීම පිණිස ඡන්දායකයන් ඡන්ද මධ්‍යස්ථානවලට ඇදී එමින් සිටින අතර ගතව ගිය දින කිහිපය තුල දිවයින පුරා පවතින්නේ සාපේක්ෂ සාමකාමී වාතාවරණයක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අපේක්ෂකයෝ 19 දෙනෙක් මෙම මැතිවරණයට තරඟ වැදී සිටිති.

දිස්ත්‍රික්ක 22 ක ඡන්ද මධ්‍යස්ථාන 12,314 කදී සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයෝ 15,044,490 ක් සුදුසුකම් ලබා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර