ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සතියක් යන තුරු පෙළපාළි තහනම් -පොලිසිය

ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ පනතට අනුව ප්‍රතිඵල නිකුත් වී සතියක් ගත වන තුරුත් මැතිවරණ කාලය වශයෙන් සැලකෙන අතර එම කාලය තුළ පෙළපාළි හෝ මහජන ඒකරාශී වීම් සපුරා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව කියා සිටියේ ඡන්ද විමසීම නිම වීමත් සමඟ කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින්.

‘මෙම කාලය තුළ කිසිම ආකාරයක පෙළපාළියක්, පෙරහැරක්, වාහන හෝ යතුරුපැදි පෙළපාළියක් මහජනතාව ඒකරාශී වී ගමන් කිරීමක් වැනි දේවල් කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සියල්ල මැතිවරණ නීතියට පටහැනියි.’ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසීය.

පැමිණිලි හාරසිය පහක්

2005 සහ 2010 ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලට සාපේක්ෂව මෙවර ඡන්දය සාමකාමී වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම සිදු වන දිනයේ මධ්‍යාහ්නය වන විට මැතිවරණ පැමිණිලි හාරසිය පහක් ලැබී ඇති බවත් ඊට අදාලව එකසිය හැත්තෑ පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.