ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා

මැතිවරණය පැවත්වූ කාල සීමාව තුළ සාමකාමී වාතාවරණයක් පැවතුනත් මැතිවරණයෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කීපයක් වාර්තා වූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මැතිවරණය නිමාවීමෙන් පසු හලාවතින් ඡන්ද පෙට්ටි ගෙන ගිය අවස්ථාවේදී ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා දක්වන ආකාරය දක්නට ලැබිණ.

අද, බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිටම ඡන්ද දායකයන් ඉතා උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට පෙළ ගැසී සිටි බවයි පුත්තලම වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න පැවසුවේ.

සාමකාමී මැතිවරණයක්

ඔහුට මුණ ගැසුණ විදේශ නිරීක්ෂක යෙවිස් බෝවී පැවසුවේ මැතිවරණයට පෙර ප්‍රචණ්ඩ ක්‍රියා දක්නට ලැබුනත් මැතිවරණය පැවැත්වුන කාලය තුළදී සාමකාමී වාතාවරණයක් පැවතී බවයි.

ජනතාවට ඉතා සාමකාමී ලෙස ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම සතුටුදායක කරුණක් බවයි ඔහු පැවසුවේ.

අද මැතිවරණ දිනයේදී අතිනත ගත් යුවලක් සිය වටිනා ඡන්දය දීමට පැමිණියේ හත් වැනි ජනාධිපතිවරණයත් ජීවිතයේ අමතක නොවන දිනයක් ලෙස සනිටුහන් කරමින්.

නාත්තන්ඩිය, කටුනේරිය දේවස්ථානයේ දී විවාහ වූ ඔවුන් ඉන් අනතුරුව ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියහ.