ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජනතාව අපිට පණිවිඩයක් දුන්නා'

ජනතාවට වෙනසක් අවශ්‍ය වී ඇති බවට පණිවිඩයක් ලබා දුන් බවත් එම වෙනස ඇති කළ යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව මාධ්‍යවේදීන්ට කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දීයි.

‘ජනතාව අපිට පණිවිඩයක් දුන්නා වෙනසක් ඕනෙ කියල. ඒ වෙනස අපි ඇති කරන්න ඕනෙ. ඒකටයි අපි ක්‍රියා කරන්නේ.’ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම අවස්ථාවට ජනාධිපති ධූරය සඳහා අලුතින් තේරී පත් වුණු මෛත්‍රීපාල සිරිසේන ද එක් වී සිටියේය.

මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන ගේ කොළඹ පිහිටි නිවස අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා භටයන් කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුණි.