ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උද්ඝෝෂණ කළ අයට ලැබුණේ රබර් උණ්ඩ - මල්වතු නාහිමි

දිළිඳු ජනතාව වෙත විශේෂ අවධානයක් යොමු කරන මෙන් මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිති.

එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳා ගැනීම සඳහා පසුගිය කාලයේදී සාමාන්‍ය ජනතාවට පාරට බැස උද්ඝෝෂණය කිරීමට සිදු වූ බව පැවසූ මහ නාහිමි ඉදිරියේදී උද්ඝෝෂණවලට ඉඩ නොතබා ජනතා ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , නව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිස ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මල්වතු මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ඒ බව කියා සිටියහ.

අභිනව ජනාධිපතිවරයා ඇතුළු නව සන්ධානයේ සමගිය පලුදු කිරීම සඳහා උපක්‍රම යෙදීමට ඉඩ ඇති බවත් මෙම සමගිය මෙලෙසම ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත් මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි එහිදී අනුශාසනා කළහ.