ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"යහපාලනය ක්‍රියාත්මක නොවන බවට චෝදනා"

අම්පාර මහඔය නගරයේ අද විරෝධතා ව්‍යාපාරයක් දියත් කොට තිබුණේ නව පාලනය ආරම්භවීමත් සමඟ රටේ නීතිය කඩා වැටී ඇති බව පවසමින්.

උද්ඝෝෂණ ව්‍යාපාරයට ආසන්නම හේතුව වී ඇත්තේ මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව්. එම්.විමලසේනට පහර දීමේ සිද්ධියක්.

නීතිය සමානව ක්‍රියාත්මක නොවන බව පවසන නැගෙන හිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමති සමරවීර දිසානායක පැවසුවේ උප සභාපතිවරයා තවමත් රෝහල් ගත කොට සිටින අවස්ථාවකදී පහර දුන් පුද්ගලයන්ගේ කට උත්තර පමණක් ලබා ගෙන නිදහස් කොට ඇති බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යහපාලනය සාධාරණ ව ක්‍රියාත්මක නොවන බවයි ඔහු පැවසුවේ.

දිගින් දිගටම පහරදීම්,ගිනි තැබීම් බිය වැද්දීම් ආදිය සිදුවන නමුත් නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවන බව නැගෙන හිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමති සමරවීර දිසානායක පැවසුවේය.