උතුරේ ආණ්ඩුකාර තනතුරට පලිහක්කාර

Image copyright H. M. G. S. Palihakkara

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන එච් එම් ජී එස් පලිහක්කාර පත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය රජය යටතේ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබුණේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යි.

මෙම තනතුරට හමුදා නිලධාරියෙකු පත් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සිය විරෝධතාවය පා තිබුණු අතර උතුරේ ආණ්ඩුකාරවරයා වශයෙන් සිවිල් නිලධාරියෙකු පත් කරන මෙන් ඔවුන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණි.

විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද මීට පෙර කටයුතු කර ඇති එච් එම් ජී එස් පලිහක්කාර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙසද කටයුතු කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර