ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දුෂිතයන් ආණ්ඩුවට එක් කර ගැනීමට විරුද්ධයි - අර්ජුණ

පසුගිය රජයේ දූෂණවලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන් නව රජයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව තමන් පෞද්ගලිකව විරුද්ධ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

නමුත් දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා බලය ලබාගැනීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අද තම නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවෙයි ඔහු මෙම අදහස් පල කළේ.

"ජනාධිපතිතුමා හා අගමැතිතුමා කවදාවත් කියල නැහැ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා, ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගත්තට ඒ ෆයිල් යට ගහන්න අපි දෙන්නේ නැහැ" අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

දින 100 වැඩ සටහනින් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා සියළු පක්ෂ එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට බලාපොරොත්තුවන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

වරාය අමාත්‍යංශයේ ව්‍යාපෘතිවල සිදුවී ඇති බව පවසන හොරකම් හා දුෂණ පිළිබඳව සොයා බලා වැරදිකරුවන් අධිකරණය ඉදිරියට ගෙනයන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

හම්බන්තොට වරාය ඉදිකිරිම පිළිබඳව ප්‍රශ්න නව රජයට තිබුනත් ජනතාවගේ විශාල මුදලක් වැයකර දැන් එය ඉදිකර ඇති නිසා එම වරායේ අදායම් වැඩිකරගැනීම සදහා වැඩ පිළිවෙලක් සකස්කරන බවද නව වරාය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී බිබිසිය අර්ජුන රණතුංග අමාත්‍යවරයා ගෙන් විමසුවේ සියළු දෙනා බලාපොරොත්තු වූ පරිදි ක්‍රීඩා අමාත්යංශය බාරනොගත්තේ මන්ද යන්නයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ ප්‍රථමයා අර්ජුනයි.