ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'කවිය සහ ගංජා සුරුට්ටු ව්‍යාපාරය'

‘මා ඇතුළු බොහෝ කවීන් ගංජා සුරුට්ටු වෙළඳුන් යැයි වරෙක මට සිතෙයි.

මේ සුරුට්ටු වෙළඳුන් තමන් ම බොමින් ද අනුන්ට පොවමින් ද කල් ගත් කරන අන්දම ඔබ නොදකින්නට හේතුවක් නැත.

මේ ගංජා සුරුට්ටු ව්‍යාපාරය කවියේ දී පමණක් නොව අනෙකුත් සාහිත්‍ය බිම් වලද අනෙකුත් සාහිත්‍ය බිම්වල පමණක් නොව අනෙකුත් කලා ක්‍ෂේත්‍රයන් වලද අනෙකුත් කලා ක්‍ෂේත්‍රයන්වල පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකික සමාජ ව්‍යුහය තුළ ද දකින්නට පුළුවන.’

මේ ලාල් හෑගොඩයන් ගේ කවි පොතක පෙර වදනකින් කොටසකි.

මේවා කවි නොවුනත් සටහන් කර තැබීම කළ යුත්තක් සේ හඟිමි.

බන්දුල නානායක්කාරවසම් ගේ ඉර පානෙන් රැස් දෝතක් මේ එබී බලන්නේ ලාල් හෑගොඩයන් ගේ කවිත්වය සහ කවිය ඔහු දකින ආකාරය ගැන.

ඉර පානෙන් රැස් දෝතක් විසි නව වැනි දිග හැරුමේ හඬ පටයට සවන් දෙන්න.