මංගල සුශ්මා හමු වෙයි

නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටියි.

සෙනසුරාදා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීර අද ඉරිදා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සුශ්මා ස්වරාජ් හමු වී සාකච්ඡාක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවත් සමග පැවති පළමු හමුවේදී ස්ථීර ප්‍රතිඵල සහිත සබඳතා තර කර ගැනීම සඳහා ඉන්දු ලංකා අමාත්‍යවරු ප්‍රයත්නයක යෙදී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුද්දීන් නිකුත් කළ 'ට්වීටර්' පණිවුඩයක සඳහන්.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් හෙට සඳුදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර