නව ක්‍රීඩා ඇමති නවීන් දිසානායක

Image copyright Navin Dissanayake
Image caption නව කැබිනට් මණ්ඩලය පත් කළ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයකු පත් නොකිරීම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක් වී තිබුණි

සංචාරක අමාත්‍ය නවීන් දිසානායක නව ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ තිබේ.

අමාත්‍යවරයා ලබන බ්‍රහස්පතින්දා නව පදවියේ දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීලාල් ගෝමස් බීබීසී සංදේශය ට පැවසීය.

නව ජනාධිපතිවරයා පසුගිය සතියේ නව කැබිනට් මණ්ඩලය පත් කළ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයකු පත් නොකිරීම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක් වී තිබුණි.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍ය පදවියට පත් කෙරෙනු ඇති බවට ඇතැම් වාර්තා පළ වුවත්, තමන්ට දැනට ඊට වඩා භාරධූර කාර්යභාරයක් පැවරී තිබෙන බවයි වරාය හා නාවික අමාත්‍ය පදවියේ වැඩ භාර ගනිමින් ඔහු කියා සිටියේ.

කුමන අමාත්‍ය පදවියක් දැරුවත් ක්‍රීඩාව කෙරෙහි සිය කැපවීම අඩු නොවන බවද රණතුංග ඇමතිවරයා බීබීසී සංදේශය කළ විමසීමක දී සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර