වැලිවේරියට පහර දුන්නේ 'කුලී හේවායෝ'

බීමට පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය ඇතුළු ගම්මාන කීපයක ජනතාව එක් වී කළ උද්ඝෝෂණයේදී තිදෙනකු මරා දමා තිස්එක් දෙනකුට තුවාල සිදු කළ හමුදා පිරිසට කුලී හමුදාවක් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි උද්ඝෝෂකයෝ පවසති.

පසුගිය වකවානුවේදී ධනවතුන් විසින් මුදල් ගෙවා සිය ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගනු ලැබීම සඳහා ඉහත කී කුලී හමුදාව යොදා ගෙන ඇති බවයි සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේ.

ඉරිදා උදෑසන වැලිවේරිය නගර මාධ්‍යයට එක් වූ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ වැලිවේරිය වෙඩි තැබීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි .

මාස තුනක් ඇතුළත වැලිවේරියේ ජනතාවට විසඳුම් ලබා දෙන බවට මේ අතර අමාත්‍ය කරු ජයසූරිය සමග එම ස්ථානයට පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයා පොරොන්දු විය.

පසුගිය රජය පානීය ජලය ලබා දෙන බව ප්‍රකාශ කරමින් මධ්‍ය සංදර්ශන පමණක් සිදු කළ බව එහිදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර