බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ

Image caption නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයා බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයායි

ශ්‍රී ලංකාවේ සිවු දින නිල චාරිකාවක නිරතවීම පිණිස බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යූගෝ ස්වයර් ලන්ඩනයෙන් පිටත්ව ගිය බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ලබන සිකුරාදා දක්වා ශ්‍රී ලංකාවේ ගතකරන නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නායකයන් මුණගැසීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකාව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළාය.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයා බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයායි.

දකුණු ආසියානු කටයුතු භාර ඇමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ද ළඟදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

මේ අතර යුරෝපා සංගමයේ නායකයන් හමුවීම පිණිස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මේ දිනවල බෙල්ජියමේ සංචාරයක නිරතව සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර